ඔන්න අපේ ගමේ හිටියා මාර්ටින් කියලා පොඩ්ඩක් අඩියක් එහෙම ගහන්න සෙට් වෙන, හැබැයි නෝනාට (දිසානහාමිට) බයෙන් වෙවුලන පොරක්.
දවසක් රෑ මාර්ටින් යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි පාටියක් දාලා, හොඳටම වැඩි වෙලා ගෙදර ආවේ රෑ 12ට විතර. ගෙදර දොර ළඟට ආවම තමයි මාර්ටින්ට තේරුණේ, “අද නම් දිසානහාමි මාව අමු අමුවේ කනවා” කියලා.
එයා හෙමින් සැරේ සරම උස්සගෙන, සපත්තුවත් අතට අරන්, පියවරෙන් පියවර සද්ද නැතුව ගෙට රිංගුවා. සාලේ පහන පත්තු කරලා තිබුණේ නැහැ.
මාර්ටින් කල්පනා කළා, “මම නිකන්ම බුදියගත්තොත් එයාට සැක හිතෙයි… ඒ නිසා මම නිකන් පාඩම් කරන මහත්තයෙක් වගේ සාලේ තියෙන ලොකු පොතක් ඇරගෙන කියවනවා වගේ හිටියොත් එයා හිතයි මම බීලා නැහැ, වැඩක හිටියේ කියලා!”
ඔන්න ඉතින් මාර්ටින් සාලේ මේසෙ ළඟට ගිහින්, එතන තිබ්බ ලොකුම පොත ඇරගෙන, බොරුවට ඔළුව වන වන හයියෙන් කියවන්න පටන් ගත්තා.
ටික වෙලාවකින් කාමරේ දොර ඇරගෙන, අතේ කොස්සත් තියාගෙන දිසානහාමි එලියට ආවා. ඇවිත් මාර්ටින් දිහා ඉණට අත් දෙක තියාගෙන මාර බැල්මක් දැම්මා.
මාර්ටින් හරිම සංසුන් විදිහට, “ඇයි දිසානහාමි… ඔයා තාම නිදාගත්තේ නැද්ද? මම මේ හෙට වැඩකට ඕන වෙන ලොකු වාර්තාවක් කියවනවා…” කිව්වා.
දිසානහාමි කොස්ස පැත්තකට කරලා, ලං වෙලා මෙහෙම කිව්වා:
“තමුසෙගේ ඔය වාර්තාව කියවලා ඉවර නම්, ඕක වහලා පෙට්ටිය ඇතුලට දාලා, මගේ ‘සුට්කේස්’ එක උඩින් තියෙන කණ්නාඩි දෙකත් අරන් දෙනවද?”
මාර්ටින් කලබල වෙලා, “ඇයි දිසානහාමි?” කියලා ඇහැව්වා.
එතකොට දිසානහාමි මෙහෙම කිව්වා:
“නෑ… මට බලන්න ඕන තමුසේ කොහොමද ඔය මගේ ‘සුට්කේස්’ එක ඇරගෙන, ඒක ඇතුලේ තියෙන අඳුම් අස්සේ ඇඟිල්ල දදා පැයක් තිස්සේ පාඩම් කරන්නේ කියලා!”
Leave a Reply